2023 දෙසැම්‍බර් 29, ප.ව. 5:07
නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව වෙනි වටයේ සාකච්ඡා පසුගිය 18 සිට 20 දක්වා පැවැත්වූ අතර එම සාකච්ඡාව සඳහා තායිලන්තයේ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කණ්ඩායමේ උපදේශක ඕරාමොන් සුප්තවීතුම් සහභාගී වූවා.
නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ විය.ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවීමත් කොවිඩ් වසංගතයත් හේතුවෙන් දෙරට අතර සාකච්ඡා වසර හතරක කාලයක් නැවතී තිබිණ.
නවතම සාකච්ඡාවටයේදී වෙළඳාම, සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ නීති රීති පිළිබඳව දෙපාර්ශවය එකඟ වූ බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළා.
මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 ක වෙළඳ ගනුදෙනු සිදුව ඇත.
මෙම ගිවිසුම 2024 පෙබරවාරි පළමු සතියේදී මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී අත්සන් තැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:29
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:23
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:23
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:09