hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 24, පෙ.ව. 5:15



මාර්ග දෙපස දැල්වෙන වීදි ලාම්පු සඳහා බිල්පත් ගෙවීම ඉදිරියේ දී අදාල නගර සභාවලට හා ප්‍රාදේශීය සභාවලට පැවරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ වන විට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙවනු ලබන අතර මාර්ග නඩත්තු කටයුතු ද මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් සිදු කරන බැවින් මෙම තීරණය ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්. විරකෝන් මහතා සඳහන් කළා.