2025 ජූලි 21, ප.ව. 3:49
හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ වනවිට මෙම සැකකාරිය සිය සැමියා ද සමග පදිංචි ස්ථාන සියල්ල අතහැර පලාගොස් සිටින බවද වාර්තා වෙයි.
පොලීසිය පවසන්නේ අනීතිකව කොටස් වශයෙන් ආනයනය කළ රුපියල් කෝටි හතරකට අධික වටිනාකමෙන් යුත් ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාට අලෙවි කිරීමේ චෝදනාව මත මෙම සැකකාරිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවයි.
මෙම අනීතික ක්‍රියාවලිය සැකකාරියගේ පියා වන රෝහිත අබේගුණවර්ධන මහතා වරාය අමාත්‍යවරයාව කටයුතු කළ අවධියේ දේශපාලන බලය භාවිත කරමින් සිදුකර ඇතිද යන්න පිළිබඳවත් මේ වනවිට විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ කරමන් පවතී.
නීතිවිරෝධී අන්දමින් එකලස් කරන ලද ජීප් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා එම ජීප් රථය ද සමග පානදුර වලාන දූෂණ මර්දන බළකායේ නිලධාරීන් විසින් මතුගම නගරයේ දී පෙරේදා (19දා) අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ ජගත් විතාන මහතාගේ පුත්‍රයා පොලිසියට එරෙහිව දැඩි බලපෑම් සිදුකර ඇති බවද වාර්තා වෙයි.
මෙම ජීප් රථය නීතිවිරෝධී අන්දමින් ආනයනය කර ව්‍යාජ අංක යොදා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණිය විසින් බව හෙළි වී ඇත්තේ එය අත්අඩංගුවට ගෙන විමර්ශන පැවැත්වීමේදීය.
වලාන දූෂණ මර්දන නිලධාරීන් මතුගම පොලිසියට පැමිණෙද්දි ජගත් විතාන මහතා සිය ආධාරකරුවන් විශාල පිරිසක් ද සමග පොලිසිය වෙත පැමිණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කරමින් කලහකාරී අන්දමින් හැසිරී ඇත.
එහිදී ජගත් විතාන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එම ජීප් රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් ලබාගත් බවයි. එම ගනුදෙනුව සිදුවූ අවස්ථාවට අදාළ ඡායාරූප පවා ජගත් විතාන මහතා මාධ්‍යයට ලබා දී තිබේ.
ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ඇතුළු නිලධාරීන් කළුතර පිහිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණියට අයත් නිවාස 2ක් පරීක්ෂා කළ අතර ඒ වනවිටත් ඔවුන් නිවාස අතහැර පලාගොස් සිටියහ.
ඔවුන්ගේ ජංගම දුරකථන ද ඒ වනවිට විසන්ධි කර තිබූ බව පොලිසිය පවසයි.
මෙම ජීප් රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණීය විසින් ජගත් විතාන මහතාගේ පුත්‍රයාට අලෙවි කර ඇත්තේ ඉකුත් 2024 වර්ෂයේ 10 වැනි මාසයේදීය. මෙම ජීප් රථය රේගු ගාස්තු නොගෙවා හොර රහසේ ආනයනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
ව්‍යාජ දත්ත යොදා ජීප් රථය ලියාපදිංචි කිරීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් පිරිසකගේ සහාය ලැබී ඇති බවට ලැබුණු තොරතුරු මත එම නිලධාරීන් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික විතාන මහතා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20දා) දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස (අගෝස්තු) 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.
2025 ජූලි 22, පෙ.ව. 12:16
2025 ජූලි 22, පෙ.ව. 12:12
2025 ජූලි 22, පෙ.ව. 12:10
2025 ජූලි 22, පෙ.ව. 12:09
2025 ජූලි 22, පෙ.ව. 12:05
21-07-25
21-07-25
19-07-25
19-07-25
19-07-25
19-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
17-07-25
17-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25