2024 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:30
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇත.
2020.03.25 වන දින සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඒ මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණි.
එමෙන්ම 2020 හා 2021 යන වසරවල පැවති කොවිඩ් වසංගතය හමුවේ සහ පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් තුළ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්ත්වය නඟසිටුවීම උදෙසා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට නායකත්වය දෙමින් කටයුතු කිරීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බව ද රොෂාන් ගුණතිලක මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2026 ජනවාරි 02, පෙ.ව. 10:44
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26