hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 30, ප.ව. 6:56



ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන අසංක ජයලත් මහතා ඉවත් කිරීමට සැලසුමක් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ඔහුව රූපවාහිනියට පත් කළ අතර පත්වීම් බලධරයා වන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයායි.

එළඹෙන පළමු සතිය තුළ මාස 06 පත්වීම් කාලසීමාව අවසන් වන බැවින් තවත් වසරක කාල සීමාව සඳහා ඔහුව අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිර්දේශ කළ බව ද වාර්තා වෙනවා.

ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මතය වී ඇත්තේ ජාතික නාලිකාව සංවිධානය කළ පසුගිය සිංහල අලුත් අවුරුදු උත්සවය හෝමාගම නොනවත්වා බියගම ආසනයේ සංවිධානය කිරීම පිළිබඳව සිදු වූ උරන වීමක් බව දැන ගැනීමට ලැබී තිබෙනවා.

අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ලේක් හවුස් සභාපතිවරයා ජාතික රූපවාහිනියේ සභාපතිවරයා මෙන්ම රූපවාහිනිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එම තනතුරුවලින් පසුගියදා ඉවත් කළ බව විශ්වාසදායි ආරංචි මාර්ග මගින් දැනගැනීමට ලැබී තිබෙනවා.