hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 07, ප.ව. 4:01



ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඒෂියන් මිරර් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

මොවුන් දෙදෙනා බහරේන් සිට ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් අද (07) උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණා.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

කටුනායක – ටී.කේ.ජී.කපිල