hit counter

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 අප්‍රේල් 13, පෙ.ව. 12:22



සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

පසුගියදා (10) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති චෝදනාව වන්නේ බටලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම පමණක් බවයි.

එවකට බටලන්දට හමුදා කඳවුරක් රැගෙන එනු ලැබුවේ ප්‍රදේශය මුහුණ දී තිබූ තර්ජන හේතුවෙන් බවත් වෙනත් කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බැවින් ඔහු ඒ සම්බන්ධයෙන් බිය නොවන බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කියා සිටියා.

“සපුගස්කන්ද පොලීසියේ OIC මහත්මයාව ඝාතනය කළා, NIB එකේ මහත්තයෙක්ව මරලා තිබ්බා ..තවත් ඒ වගේ ඝාතන රැසක් වාර්තා වුණ  වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දෙන්න සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වෙයි යන ප්‍රශ්නෙ උඩ තමයි එතුමා හමුදා කඳවුරක් බටලන්දට ගෙනාවේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: