2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:17
පසුගිය 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත් කිරීමට සූදානම් කර තිබුණේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, පසුගිය 18 වැනිදා රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, 2024 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතාගේ නාමය ප්‍රකාශ කිරීමට තිබියදී, අවසාන මොහොතේ ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“අපි මේ පක්ෂයේ 2024 ජනාධිපති අපේක්ෂකයා හැටියට අපි සියල්ල සූදානම් කරලා තිබුණේ ධම්මික පෙරේරා මහත්මයාව. එතුමා එකඟ වෙලා තිබුණා, එතුමා ජන්දේ ඉල්ලන්න සූදානම් වෙලා තිබුණා. එතුමා වෙනුවෙන් තමයි ඒ සියලු උත්සව එතුමාගේ නැකත් වලට අනුව, මම වගකීමෙන් කියන්නේ එතුමාගේ අවශ්‍යතාවයන් අනුව තමයි එතුමා ඒ සියලු පක්ෂය සමඟ එකඟතාවන්ට ඇවිල්ලා සියලු කටයුතු පිළියෙල කරලා තිබුණා. අපි නාමල් රාජපක්ෂ ඉදිරියට ගේන්න කිසිම අවශ්‍යතාවයක් අපිට තිබුණේ නැහැ.
ධම්මික පෙරේරා මහත්මයා මේ ඡන්දෙ නොමිනේෂන් වලට දින දෙක තුනකට කලින් 5 වෙනිදා එතුමාගේ නම නිල වශයෙන් යෝජනා කිරීමට උත්සවය සකස් කරලා තිබිච්ච අවස්ථාවේ ධම්මික පෙරේරා මහත්මයා දැනුම් දුන්නා බෑ කියලා…”
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:30
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:27
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:13
20-12-25
20-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
08-12-25
08-12-25