hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 02, ප.ව. 2:57



මහ කන්නයේ නැවුම් අස්වැන්නේ අග්‍රඵලය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමේ 56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (02) පෙරවරුවේ පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අලුත් සහල් මංගල්‍යය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගීවී තිබුණා.

සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි නායකයින් සහ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ද සිය අස්වැන්නේ අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පූජා කළා.

අනතුරුව ජනාධිපතිවරයා ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.