2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:05
රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගනක අමරසිංහ පවසයි.
ලුණු නිෂ්පාදනයට දින 45ක වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතු නමුත් පසුගිය කාලයේ පැවති වැසි සහ සුළි සුළං තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩාළ වූ බැවින් ලුණු අස්වැන්න අඩු වූ බව ද හෙතෙම පෙන්වා දෙයි.
එම අස්වැන්න ඊළඟ මාර්තු මාසය දක්වා ප්‍රමාණවත් නොවිය හැකි බැවින් ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා ලුණු නිෂ්පාදකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ලුණු හිඟයක් ඇති වුවහොත් ලුණු ආනයනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බව ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව 2025 පළමු කාර්තුවේ දී කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ලුණු සැපයීමේ හිඟයක් ඇති වුවහොත් ඊට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:19
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:09
18-06-25
18-06-25
19-05-25
19-05-25
14-05-25
14-05-25
28-01-25
28-01-25
03-01-25
03-01-25
27-10-24
27-10-24