2026 ජනවාරි 07, පෙ.ව. 12:22
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ පවසයි.
ඇය පෙන්වා දුන්නේ, රජයක් ලෙස නිලධාරීන්ට අදාළ වගකීම් භාර දී ඇති බැවින් ඔවුන් තමන්ගේ වගකීම හරි හැටි මතක තබා ගත යුතු බව ය.
මෙම හය වසරේ මොඩියුලය සම්බන්ධ කුමන්ත්‍රණය කඩිනමින් හෙළි කරන බව ද මන්ත්‍රිවරිය සඳහන් කරයි.
ඒ කෙසේ වුවත් රජයක් ලෙස ගත් ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග කිසිසේත්ම ආපස්සට හරවන්නේ නොමැති බව ද අලුත් දේවල් කරන විට අඩුපාඩුකම් සිදුවිය හැකි බව අගමැතිවරිය පවසා ඇතැයි ද සමන්මලී ගුණසිංහ ප්‍රකාශ කරයි.
2026 ජනවාරි 08, පෙ.ව. 12:33
2026 ජනවාරි 08, පෙ.ව. 12:31
2026 ජනවාරි 08, පෙ.ව. 12:28
2026 ජනවාරි 08, පෙ.ව. 12:17
2026 ජනවාරි 08, පෙ.ව. 12:14