2026 ජනවාරි 22, පෙ.ව. 12:14
තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ තමගේ අත්දැකීම් සහ තමන් කළ දේශපාලනය නිසා මිස සිය පියා හෝ පියාගේ හොරකම් නිසා නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ පවසයි.
එසේම ජාතික ජන බලවේග මහ ලේකම් නිහාල් අබේසිංහ සහ ඔහුගේ පුත් නි. අමාත්‍ය චතුරංග අබේසිංහ දේශපාලනයට පැමිණියේද පිය උරුමයෙන් නොවන බව ද ඇය අවධාරණය කරයි.
තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ දේශපාලන පෞරුෂය නිසා බවත් චමින්ද්‍රාණි කිරිඇල්ල මෙන් පිය උරුමයෙන් නොවන බවත් සමන්මලී ගුණසිංහ ප්‍රකාශ කරයි.
ඊට පිළිතුරු දෙමින් චමින්ද්‍රාණි කිරිඇල්ල සඳහන් කළේ තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ ජනතා ඡන්දයෙන් බවත් පුතා සහ බිරිඳ මහජන ඡන්දයෙන් ද පියා සහ සැමියා ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට පැමිණීම වැනි කටයුතු තමන් නොකළ බවයි.
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31