hit counter

2025 සැප්‍තැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:06



හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි සම්පත් මනම්පේරි නමැත්තාගෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මිද්දෙණිය තලාව දකුණ ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත් ආයුධ ඉදිරියේදී සිදුකිරීමට නියමිත අපරාධයක් සඳහා බැකෝ සමන් නමැති පාතාල නායකයා විසින් ලබාදී තිබූ ඒවා බව අනාවරණය වී ඇත.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ප්‍රධාන, පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කළ විමර්ශනයකදී සම්පත් මනම්පේරිගේ හිතවතියකට අයත් නිවසක් පිටපුස වළදමා තිබියදී මෙම ආයුධ සොයාගැනීමට හැකිවිය.

එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, ටී 56 ජීව උණ්ඩ 115ක්, අත්බෝම්බයක්, රන් ආලේපිත ටී 56 මැගසින් දෙකක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම ආයුධ බැකෝ සමන්ගේ උපදෙස් මත තමන් භාරගත් බවත් ඔවුන් අත්අඩංගුවට පත් වූ බව සැලවීමෙන් පසු ඉකුත් 03 වැනිදා මිද්දෙණියේ නිවසක් පිටුපස වළ දැමූ බවත් මනම්පේරි පවසා ඇත.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලිය විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේදී ඊට ආධාර අනුබල දුන් චෝදනාව යටතේ සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ රඳවා සිටී. විශේෂ ප්‍රශ්න කිරීමක් සඳහා මනම්පේරි නමැත්තා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයට ගත් අතර එහිදී හෙළි කළ තොරතුරු මත මෙම ආයුධ සොයාගැනීමට හැකි විය.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපෙදස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විමර්ශන පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: