hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:01



කොළඹ ජාතික රෝහලේ සේවය  කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක් ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ලැල්ල පදිංචිව සිටි සඳුනි සුලෝචනා නමැති විසි හතර හැවිරිදි නවක පත්වීන් ලාභී හෙදියක්.

කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර නවක පත්තීන් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවා.

ඇය ඉකුත් විසි පහ දින නිවාඩු ලබා බණ්ඩාරවෙල මකුල්ඇල්ල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වී බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලිසිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: