2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:05
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විටින් විට යුද්ධය පිළිබඳව විවිධ අදහස් පළ කෙරූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳවත් ඔහු ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබුණි. ඒ අනුව එයට ප්‍රති උත්තරයක් වශයෙන් පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ.
ඔහුගේ අනාවරණයට අනුව සරත් ෆොන්සේකා මහත්මයා බොහෝ අවස්ථාවන්වලදී මහින්ද රාජපක්ෂ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ නැත්නම් යුද්ධය සිදුකිරීමට නොහැකි බව ඒ සමයේ ප්‍රකාශ කළ බව සඳහන් කළේය.
ඒවගේම එක්තරා අවස්ථාවකදී විදෙස් නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ සිද්ධ වෙන දේ පිළිබඳව නිරීක්ෂණය කළ යුතු බව පවසන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසා සිටින්නේ හැබැයි ඒ ගමන වෙනුවෙන් යුද්දෙ විනාඩි පහකටවත් නතර කරන්නේ නෑ කියලයි.
ඒ වෙලාවෙත් උතුරේ ඒ ක්‍රියාදාමයේ නිරත වී තිබෙන්නේ සරත් ෆොන්සේකා මැතිදුන්. සංජීව එදිරිමාන්න මේ බව පවසමින් සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ එතරම් කැපවීමෙන් ජනතාවට සාමය උදාකර දීමට සැලසුම් සහගතව ක්‍රියා කළ බව ඕනවටත් වඩා සරත් ෆොන්සේකා දැන සිටි බවයි.
නමුත් තවත් අවස්ථාවකදී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තරය පිනවීමේ අරමුණින් සුදු කොඩි ඔසවාගෙන පැමිණි ජනතාවට රජය විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි. ඒ වගේම සංජීව එදිරිමාන්න සරත් ෆොන්සේකා සමඟ එකල සාකච්ඡාවක් අතරතුරේදී පෞද්ගලිකව යුද්ධය අවසන් වෙමින් පවතින කාලසීමාවේ ඇත්තටම දැන් මොකද වෙන්නේ යනුවෙන් විමසීමaක් කර තිබේ.
එහිදී සරත් ෆොන්සේ මැතිදුන් පිළිතුරු දී ඇත්තේ සංජීව මම මගේ කොටස කරල ඉවරයි. හැබැයි ප්‍රභාකරන් ඇතුළු පිරිස මුහුදෙන් පැනලා යයිද කියලා මට බයයි කියලයි. ඒ වෙද්දි නාවික කටයුතු අධීක්ෂණය කරමින් සිටියේ වසන්ත කරන්නාගොඩයි.සංජීව පවසන ආකාරයට වසන්ත කරන්නා ගොඩ සමග සරත් ෆොන්සේකාට පෞද්ගලික තරහක් තිබී ඇත. එම නිසා ප්‍රභාකරන් ඇතුළු පිරිස මහ මුහුදෙන් හෝ පැන යනවාට ඔහු යටි හිතින් ආශා කරන්නට ඇති බව හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
හේතුව එවිට වසන්ත කරන්නාගොඩට එහි සමස්ථ වගකීම බාර ගැනීමට සිදුවන නිසයි. එයාකාරයේ පරස්පර විරෝධී අදහස් විටින් විට ප්‍රකාශ කරන සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන් යුද්ධය පිළිබඳව තවදුරටත් ඉදිරිපත් කරන කරුණු කාරණා පිළිබඳව කෙසේ අවධානය යොමු කළ හැකිද පිළිබඳව ඔහු වැඩිදුරටත් විමසයි.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:38
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:07
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:09
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:32
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 11:29