2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:08
තනියෙන් ඡන්ද කිරීමට නොහැකි බවත් ඡන්දය එනකොට නයි මුගටි එක කොටේට නගින බව පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ,
“තනියෙන් ඡන්ද කරන්න බෑනේ. දේශපාලනය කියන්නේ සාමූහික ප්‍රියත්නයක්. ලංකාවේ ඉතිහාසේ හැමදාම දේශපාලන පක්ෂ, දිනන දේශපාලන ව්‍යාපාර වැඩ කළේ සාමූහික වැඩපිළිවෙලක් ඇතුලේ.
ඉතිහාසේ පුරාම ලංකාවේ හැමදාම දිනපු හැමෝම යම් සාමූහික ප්‍රියන්නයන් ඇතුලේ තමයි දිනලා තියෙන්නේ. ප්‍රශ්නෙ තියෙන්නේ ඒකෙ නෙමෙයි. ඇයි ආණ්ඩුව පළාත් සභා ඡන්දෙ ගැන කතා කරන්නැත්තේ කියන එක.
වර්තමාන ආණ්ඩුව කියනවා, මේ ආණ්ඩුවට බයේ හැමෝම දැන් අර නයි මුගටි එක කොටේකට නැගලා දේශපාලනය කරන්න හදනවා කියලා. ඉතින් NPP මුලින් කලෙත් ඒකනේ.
2010 සරත් ෆොන්සේකා මැතිතුමාගේ ඡන්දයට අනුර කුමාර මහත්තයත් නයි මුගටි එක කොටේට නැග්ගනේ. 2015 මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ඡන්දෙදීත් නයි මුගටි එක කොටයක් උඩට නැග්ගනේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ලෑස්තියි, මේ ආණ්ඩුවට එරෙහි සමස්ත සමාජ බලවේගය එකට එකතු කරගනිමින් ඉස්සරහට යන්න.”
මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මේ බව සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:07
13-10-25
13-10-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
24-10-24
24-10-24