2025 මාර්තු 03, පෙ.ව. 12:36
සංවිධානාත්මක කල්ලි පසුගිය සමයේ දී විවිධ පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාදීමේ දී ඒවාට පොරොන්දු වූ පරිදි මුදල් නොදී ඇති බව පසුගිය සිදුවීම් නිරීක්ෂණයේ දී පෙනී යන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවැසීය.
බොහෝ අවස්ථාවලදී ඝාතන කිරීමට අපරාධ කල්ලි මගින් විශාල මුදලක් පොරොන්දු වී ඇති නමුත් ඝාතනය කිරීමෙන් පසු ඝාතනය කළ පුද්ගලයාව නීතියට හසුකර දීම බහුලව සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. එබැවින් මෑත කාලීනව වූ අපරාධ බොහොමයක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වෙනත් පුද්ගලයන් යොදා ගනිමින් මෙහෙයවා සැලසුම් සහගත ලෙස පොරොන්දුවූ මුදල් නොදී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
මේ බව අනාවරණය වූයේ පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුවය. ඔහු ඝාතනය කිරීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් පොරොන්දු වුවද දී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය.
2025 දෙසැම්‍බර් 29, ප.ව. 2:06
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:14
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:37
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:15
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25