2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසන්නේ, හෙට (21) සවස නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැලිය සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් පුද්ගලයන් 2500ක් රැගෙන ඒමට නියමිත බවයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මෙම රැලිය ඉතා සැලසුම්සහගතව සකස් කළ දැවැන්ත වැඩසටහනක ප්‍රදර්ශනයක් බවත්, ඒ සඳහා බස් රථවල සහ දුම්රියේ පවා සමීක්ෂණ සිදුකර ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, මෙම රැලිය මහජනතාවගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලබන වැඩක් බැවින් කිසිදු දේශපාලනඥයෙකුට වේදිකාවේ ආසනයක් හෝ නොපවන බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් සහභාගී නොවුවද, ඔවුන්ගේ පූර්ණ ආශිර්වාදය යටතේ සජබ පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක්ද ඊට සහභාගී වීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ, මහ වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙවුවත්, 21 වැනිදා රැලිය නියත වශයෙන්ම පවත්වන බවයි. පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:28
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:07
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25