2025 ජනවාරි 27, ප.ව. 6:07
බංකොලොත් රාජ්‍යයක් යැයි ලේබල් ගසා තිබූ රටක්, රුපියල් 350ක් දක්වා ඩොලරය ඉහළ නැග තිබූ රටක් අද වන විට පරිවර්තනයකට ලක් කර ඇති බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසයි.
මෙම පරිවර්ථනය සිදු කර ඇත්තේ මාස දෙකක කාලයක් ඇතුළතදී බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
උත්සව සභාවක අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළත්, ඒ සඳහා ආණ්ඩුවක් ලෙස ගනුලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධව කිසිවක් අනාවරණය කළේ නැත.
කෙසේ වුවත් මූල්‍ය වෙළඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් දියත්කළ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කිසිම වෙනසක් නොකර අත්සන් තැබීමට වඩා කිසිඳු කටයුත්තක් බංකොලො ලේබලයෙන් නිල වශයෙන් රට නිදහස් කරගැනීමට අදාළව වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවූ බවයි.
කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුවක් ලෙස මෙරට ණය තිරසාර විශ්ලේෂණය වෙනුවට විකල්පයක් ඉදිරිපත් කරන බවට අමනෝඥ පොරොන්දුවක් තිබුණත්, එකී පොරොන්දුව ඉටු නොකර සිටීමේ ගෞරවය වත්මන් ආණ්ඩුවට දියයුතු බවත්, මන්ද ඒ පොරොන්දුව රකින්නට ආණ්ඩුව ක්‍රියා කළා නම් රට තවමත් බංකොලොත් බවද ඔවුන් පෙන්වා දෙයි
2025 ජනවාරි 29, පෙ.ව. 12:31
2025 ජනවාරි 29, පෙ.ව. 12:22
2025 ජනවාරි 29, පෙ.ව. 12:18
2025 ජනවාරි 29, පෙ.ව. 12:17
2025 ජනවාරි 29, පෙ.ව. 12:08