hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 11:05



මෙරට සිසුන්ට 2024 වසර සඳහා පාවහන්, තිළිණපත් ලබාදීමට රුපියල් මිලියන 2,250 ක් වැය වන බව  අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව දිවයින පුරා පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව, හත් ලක්ෂ හතලිස් හත් දහස් අනු හතක් වෙනවා.

ඒ යටතේ පාසල් 5,113 කට සහ පිරිවෙන් 310 කට තිළිණපත් ලැබෙනු ඇත.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිල ඇදුම් රෙදි පැකට් හැත්තෑ ලක්ෂ 89 470 ක්, සිසුන්ට බෙදාදීමට නියමිත බවයි.

ඉන් 80% ක් ලැබෙන්නේ චීනයෙන් වන අතර නිල ඇඳුම් රෙදි ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව, 45 ලක්ෂ 20358 ක් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: