hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 09, ප.ව. 6:16



පහර දීමක් සම්බන්ධයෙන් රෝහල්ගත කළ සිසුවාගේ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුව එය සමතයකට පත් කර ඇති බව අඹන මොන්ටි ගොපල්ලව මහා විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.නිමල් බණ්ඩාර මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

විදුහල්පතිවරයා සඳහන් කරන්නේ පාසලේ තිබුණු ගෑස් සිලින්ඩර් 02ක් ගෘහ විද්‍යා ඒකකයේ පුහුණු වැඩසටහනක් සඳහා එම ගෑස් සිලින්ඩර් පුරවා රැගෙන ඒමට දන්වා සිටි බවයි.

එය තමාගේ ත්‍රීරෝද රථයෙන් ගෑස් සිලින්ඩර් පුරවාගෙන විත් තමාගේ නිවසට රැගෙන එන ලෙස එම සිසුවාට දන්වා තිබෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

නමුත් දිගින් දිගටම ඒ සඳහා සිසුවාට දැනුම් දුන්නද එය ඉටු නොකළ නිසා තමා දඬුවමක් ලබා දුන් බවත් එය අමානුෂික දඬුවමක් නොවන බවත් කෝටුවකින් කීපවරක් දඬුවම් ලබා දුන් බවත් සඳහන් කරන විදුහල්පතිවරයා පසුව දෙමව්පියන් සහ ඔහුගේ ඥාතීන් විසින් දරුවා රෝහලට ඇතුළත් කර ඇති බව තමන්ට වාර්තා වූ බවයි ඔහු සඳහන් කළේ.

දරුවා රෝහලට ඇතුලත් කිරීමෙන් අන් අනතුරුව එක්ස් කිරණ පරීක්ෂණයක් ද සිදු කර ඇති අතර එම පරීක්ෂණයෙන් ද දරුවට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වූ බවත් පසුව නාවුල පොලීසියේ දී සිද්ධිය සම්බන්ධයෙන් විභාග කළ බවත් විදුහල්පතිවරයා සඳහන් කළා.

එහිදී දරුවගේ දෙමව්පියන් සහ විදුහල්පතිවරයා අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් සමතයකට පත් වූ බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අප වාර්තාකරු සඳහන් කළේ විදුහල්පතිවරයෙකුගෙන් අමානුෂික ලෙස පහර කෑමට ලක්ව නාඋල අඹන රෝහලට ඇතුළත් කළ පාසල් සිසුවෙකු පසුගිය 01 වනදා රාත්‍රියේ දඹුල්ල රෝහලට මාරු කර යවා ඇති බවයි.

මෙසේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ නාඋල අඹන මොන්ටි ගොපල්ලව මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන එස්.එම් නිලේක සිතුම් නම් සිසුවෙක්.