hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 27, ප.ව. 9:07



නැගෙනහිර පළාතට පතිත වූ දැඩි වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම පළාතේ මුස්ලිම් පාසල් හෙට (28) හා අනිද්දා (29) දිනවල වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව මෙම තීරණය ගෙන ඇති අතර, දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට ගනිමින් මෙම තාවකාලික පියවර ගෙන ඇත.

ලබන සඳුදා දින තත්ත්වය විමසා බලා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි. මෙම නිවාඩු දින සඳහා අතිරේක පන්ති පැවැත්වීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: