hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 ජනවාරි 05, පෙ.ව. 12:19



2026 නව අධ්‍යයන වර්ෂය තුළ 1 ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29 වැනිදා සහ 6 ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 21 වැනිදා සිට නව විෂය මාලාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

නව විෂය මාලාව හඳුන්වාදීමට සමගාමීව දරුවන් මෙම නව ක්‍රමයට හුරු කිරීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවත්, දෙමාපියන් දැනුවත් කිරීම සඳහා ද නව වැඩසටහන් ක්‍රියාත්මක බවත් ඇය අවධාරණය කළාය.

විෂයන් තේරීමට හුරු කිරීම ඇතුළු සියලුම අංශවලට අවධානය යොමු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම නව විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා ද පුහුණුව ලබාදී ඇති අතර, මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සම්පූර්ණ කර ගුරුවරුන් 132,580කට පුහුණුව ලබාදී ඇති බව ඇය සඳහන් කළාය.

ඒ අනුව, නව මොඩියුල ක්‍රියාත්මක කරන ගුරුවරුන්ගෙන් 93%කට පුහුණුව ලබාදී අවසන් බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.

එමෙන්ම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ සිට 1 සහ 6 ශ්‍රේණිවල දරුවන් සඳහා ප්‍රථම වරට ක්‍රියාත්මක වන අතර, පාසල් වාරය ජනවාරි 5 වැනිදා සිට ආරම්භ වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: