hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 03, පෙ.ව. 10:21



ඉන්ධන මිළ අඩු කිරීමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතයක් දැනුම් දීමට නොහැකි වුවත් ඉන්ධන මිළ ඉහළ දැමීමේදී ගාස්තු ඉහළ දැමූ ආකාරයෙන්ම ඉන්ධන මිළ පහත දමන අවස්ථාවේදී ගාස්තු අඩු කරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

සාධාරණ ක්‍රමවේදයක් යටතේ ගාස්තු අයකරන ලෙස සියලුම පාසල් ළමුන් ප්‍රවාහන සංගම් වලින් ඉල්ලීමක් කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.