hit counter

2025 මැයි මස 18 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 10:19



ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලීන කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉක්මවීමට මාස තුනකට පෙර ඉදිරි වර්ෂ දෙක සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය. 

තවද බලපත්‍ර කාල සීමාව ඉක්මවා අවසරයකින් තොරව පවත්වාගෙන යාම 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.