hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ජනවාරි 16, ප.ව. 3:25



සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව ඊයේ (15) උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරුණා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සීතාවක පුරවරය නවතම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම නව දුම්රිය සේවය ආරම්භ කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

මෙම දුම්රිය ගමනට දෙස් විදෙස් සංචාරකයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද එක් වූවා.