hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 මැයි 29, ප.ව. 9:52



සැලසිනේ රූපවාහිනි ආයතනයට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී එහි අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවා රුපියල් මිලියන 21 කට ආසන්න මුදලක් වංචා කර බරපතල මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි වාර්තා වෙනවා.

මුල්‍ය අක්‍රමිකතා මෙන්ම වෙනත් දූෂණ ක්‍රියාවන් ද මෙම ආයතනය තුළ දී සිදු වී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මෙම මූල්‍ය වංචාවට එරෙහිව කටයුතු කරන මෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනටමත් පොලිස්පතිවරයා ගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

මේ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිළි ගණනාවක්ම ලැබී ඇති බවද වාර්තා වෙනවා.