2023 පෙබරවාරි 01, පෙ.ව. 10:00
දළදා වහන්සේ පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සේපාල් අමරසිංහ සූදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31) දැනුම් දී තිබෙනවා.
ශ්‍රී දළදා මාලිගය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් සේපාල් අමරසිංහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ, සැකකරු පෙබරවාරි 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ එම නඩුව කැඳවා තිබුණා.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, සැකකරු තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමට සූදානම් බවයි.
ඒ පිළිබඳව තමා නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු අධිකරණයට දන්වා තිබෙනවා.
එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, මෙම සැකකරුගේ කටහඬ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බව ත් ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සැකකරුව ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෙබරවාරි මස දෙවන දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඉන් අනතුරුව සැකකරු ලබන 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05