hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි 03, ප.ව. 4:07



මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අනුව ශිරන්ති රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (03) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවට පැමිණියේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවට පැමිණි ශිරන්ති රාජපක්ෂ පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් ඇත.

මේ අතර ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ ‘සිරිලිය සවිය’ ගිණුම ආරම්භ කර ඇති අතර එම ගිණුම ආරම්භ කිරීමට ලිපිනය ලෙස ලබාදී ඇත්තේ “කාල්ටන් තංගල්ල” ලෙසයි.

මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ විමර්ශනයට අදාළවත් ‘සිරිලිය සවිය’ සඳහා බරපතළ චෝදනාවක් එල්ල විය.

වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව 2018 වසරේ සැප්තැම්බර් (20) වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය⁣ට වාර්තා කළේ, ‘සිරිලිය සවිය’ පදනමේ WP KA 0642 දරන ඩිෆෙන්ඩර් රථයක් තජූඩීන් පැහැරගෙන යාමට භාවිත කර ඇති බවයි.

කෙසේ වෙතත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව එම විමර්ශන සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු සියලුම නිලධාරීන් මාරු කිරීමට කටයුතු කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: