2025 ජූනි 23, ප.ව. 5:31
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බන්යෙන් යළි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙලෙස පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයට අයත් බැංකු ගිණුම්වල මැන්ඩේට් පත්‍රය කුමන්ත්රණකාරී ලෙස බැංකුවෙන් සොරකම් කර ඇති බවද විමර්ශණවලදී අනාවරණය වී ඇති බවයි.
එහි දී ඒ මහතා මෙසේද කීවේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එය ව්‍යාජ ගිණුමක් බවට සනාථ වී තිබෙනවා. එම ගිණුමේ මැන්ඩේට් පත්‍රය අස්ථාන ගතවී තිබෙනවා.
කොළඹ 10, ඩාර්ලි පාර මහජන බැංකුව, සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යනුකූලව ඉදිරිපත් කළයුතු ලේඛන ඉදිරිපත් නොකර 2006.11.14 අංක 143/1/001/4/6235069 නමැති ගිණුම ආරම්භ කර තිබෙනවා. දැනට මෙම ගිණුම අත්හිටුවා ඇති අතර මේ වනවිට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43ක් වෙනවා. මෙම ගිණුමේ සභාපති ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. ලේකම් කළ්‍යාණි දිසානායක, භාන්ඩාගාරික නිරෝෂා ජීවනී අය අයයි. අවස්ථා 88ක දී රුපියල් අට කෝටි විසිනව ලක්ෂ අසූ අටක් තැන්පත් කර තිබෙනවා.
ඊට අමතරව අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහලොස් දහස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන තිබෙනවා. ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක් ද මෙම බැංකුවේ සිරිලිය නමින් ආරම්භ කර තිබෙන අතර
මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මේ ගිණුම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. යළි මේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා” යැයි පැවැසීය.
එමෙන්ම සී.එස්.එන් නාලිකාව මහා භාණ්ඩාගාරයෙන් අත්කර ගත් මුදල රුපියල් මිලියන 152ක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම මෑණියන්ගේ සහ පියාගේ සුසාන භූමි ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අත්කර ගත් මුදල රුපියල් මිලියන 35ක් වෙනවා. මල්වානේ නිවෙසක් මිල දී ගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා මිලියන 208ක් ලබාගෙන තිබෙනවා. යැයිද කිවේය.
2025 ජූනි 23, ප.ව. 2:38
2025 ජූනි 23, ප.ව. 12:28
2025 ජූනි 23, පෙ.ව. 10:09
2025 ජූනි 23, පෙ.ව. 9:37
2025 ජූනි 23, පෙ.ව. 12:20