hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2025 ජනවාරි 04, පෙ.ව. 12:09



ලබන වසරේ සංචාරකයින් ලක්ෂ තිහක් මෙරටට ගෙන්වාගැනීමට අපේක්ෂා කරන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දෙස් විදෙස් සංචාරකයින් සීගිරිය ප්‍රදේශයේ මුහුණපාන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉහළ පෙළේ නිළධාරීන් සමඟ ඊයේ (03) පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

සියලු දෙනා එක්වී ජාතික අරමුණක් ඇතිව වැඩ කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා තාක්ෂණය භාවිත කළ යුතු බවයි, රුවන් චමින්ද රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම සීගිරිය අවට ප්‍රදේශවල අත්උදව්කරුවන් හේතුවෙන් විදේශ සංචාරකයන් දැඩි අපහසුතාවලට මුහුණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: