hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 7:26



හෝමාගම පිහිටි ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් විසින් අතර මත්පැන් හා ගංජා පානය සාමාන්‍ය දෙයක් බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් පවසනවා.

විශ්ව විද්‍යාලයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා.

ඒ මාධ්‍යවේදියකු විසින් ඡායාරූප සාක්ෂි සහිතව ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

විශ්වවිද්‍යාලවල සිටින්නේ ද සාමාන්‍ය සමාජය සිසුන් බවත් ඔවුන් අතර ඉඳහිට මෙවන් සිදුවීම් සිදුවිය හැකි බවත් පැවසූ සිරිධම්ම හිමියන් එවන් එක් සිදුවීමක් දෙකක් හේතුවෙන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද සඳහන් කළා.