hit counter

2025 අගෝස්‍තු මස 28 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:09



විශාල හේතුවක් නිසා එකට වැඩ කල යුතුයි කියලා තීරණය කරලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

තිස්ස අත්තනායක සඳහන් කළේ,

“සමගි ජන බලවේගය මුලික වෙච්ච විපක්ෂයේ සියලුම දේශපාලන කණ්ඩායම් එකට වැඩ කිරීම පිළිබඳව තවමත් අදහස් හුවමාරුවක් සිදුවෙමින් තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආයතන 101ක් අපිට ඒකාබද්ධ වීම නිසා පිහිටුවා ගන්න අවකාශය ලැබුනා. ඉතින් දැන් අපි ඊටත් වඩා විශාල හේතුවක් නිසා එකට වැඩ කල යුතුයි කියලා තීරණය කරලා තියෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයත් අපි එකම කොට්ඨාශයක්. ඒ නිසා එකට වැඩ කිරීම පිළිබඳව පොදු සම්මුතියක් ගොඩනැගීම වෙනුවෙන් අදහස් හුවමාරුව ආරම්භ වෙලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: