hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 03, ප.ව. 7:10



රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෛද්‍ය සැපයුම් දත්ත ගබඩා කිරීමට රුපියල් මිලියන 640 කට අධික මුදලක් වැය කරමින් ලබාගත් පරිඝණක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉකුත් දා කෝප් කමිටුවේදී සිදු වූ අනාවරණය පිළිබඳ අදාළ පරිඝණක පද්ධතිය සැකසූ ඊ – විස් සමාගම අද ප්‍රතිචාර දැක්වුවා. 

ඉකුත් දා කෝප් කමිටුවේදී අනාවරණ වූයේ මෙම පරිඝණක පද්ධිතය මාසිකව යාවත්කාලීන කිරීමට රුපියල් මිලියන 5 ක මුදලක් වැය වන බවයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය බොරු කියමින් තම රෙදි තමන්ම ගලවා ගත් බව ඊ – විස් ආයතනය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්මින් අද ප්‍රකාශ කළා.

මිලියන 500ක කතාවක් තම ආයතනය අසාවත් නැති බවයි ඔවුන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ.

ඊ – විස් සමාගමේ සභාපති සංජිව වික්‍රමනායක මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“කවුරුහරි කියනවා මේක මිලියන 500ක් වටින සොෆ්ට්වෙයාර් එකක් කියලා. එතකොට තව එක්කෙනෙක් කියනවා ඒක මිලියන හයසිය හතළිහක් කියලා. මම නම් අද වෙනතුරුත් දන්නෙ නැහැ ඒ ෆ්ගර්ස් කොහෙන්ද ආවේ කියලා. මොකද අපිට හම්බ වුණ පර්චස් ඕඩර් එක 2008 දෙසැම්බර් මාසයේ හරි නොවැම්බර් මාසේ හරි මට හරියට දිනේ මතක නැහැ මිලියන 223යි. ඒ සොෆ්ට්වෙයාර් එකට නෙවෙයි. හැබැයි මීඩියා එකේ ගියේ මිලියන 650ක් අපි ලබා ගත්තයි කියලා. ඇත්තටම මේ සොෆ්ට්වෙයාර් එකට කීයක් ගියාද කියලා මම හිතන්නේ මුලු රටේම ජනතාව දැන ගන්න ඕනේ. ඇත්තම කිව්වොත් මිලියන 83යි. ඒවා මේ අපි හදාගත්ත දේවල් නෙවෙයි මේක ටෙන්ඩර් එකකින් ගත්ත ෆිගර්ස්.ඒ ෆිගර්ස් තියෙනවා ඒවා කාටවත් වෙනස් කරන්න බැහැ. මේක තමයි ඇත්ත. මිලියන 83යි. එතකොට මොකක්ද මේ මිලියන 223ක් කියන්නේ? මිලියන 223න් අපි අඩු කරන්න ඕනේ සොෆ්ට්වෙයාර් එකට මිලියන 83ක්. ඊට පස්සේ මොනවද තියෙන්නේ? මේකෙ කවුරුත් දන්නේ නැහැ මේකේ ස්කෝප් එකක් හදනවා.අපි නෙවෙයි ස්කෝප් එකක් හදන්නේ. ඒක හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක දිහා බලලා ආයතන 5ක් ටෙන්ඩර් කරනවා.”

“ඒකෙන් අපිව තේරෙනවා. මම අනික් ආයතන වල කිව්ව ගණන් කිව්වොත් ඔබ පුදුම වෙයි. අපේ ඩොකියුමන්ට් වල තාම තියෙනවා අපි කෝඩ් කළේ ඊට වැඩිය මිලියන 300 ගාණක්. අපිත් එක්ක හිටිය ඒ නිලධාරීන් මාස ගාණක් අපිත් එක්ක නෙගෝශියේට් කරලා 223ට බැස්සෙව්වා. ඉතින් මට පුදුමයි මේක කවුරු කිව්වත් ඔඩිටර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වලු මිලියන 500යි කියලා. එච්චර සොෆ්ට්වෙයාර් එකට ගියේ නැහැ. ඒක අපි දෙන ඩොකියුමන්ට් එකේ හොදට අකුරු වලින්ම තියෙනවා. කවුරුත් ඇහුවේ නැහැ මොකක්ද මේ සිස්ටම් එක කියලා. මේ සිස්ටම් එකෙන් තමයි රටට එන හැම මෙඩිසින් එකක්ම ඉස්පිරිතාලෙට ඩිස්ට්‍රිබියුට් කරලා හැම ඉස්පිරිතාලෙටම පේනවා මොනවද බෙහෙත් තියෙන්නේ කොහොද කියලා. මේක තමයි පලවෙනියෙන්ම සෞඛ්‍යය අමාත්‍යාංශයට ගිය නෙට්වර්ක් වයිස් සිස්ටම් එක. කැලේකට ගිහින් නගරයක් හදනවා වගේ වැඩක් තමයි අපි කළේ. මේ සිස්ටම් එකෙන් තමයි බෙහෙත් බෙදන්නේ. එතකොට අපි මේ සිස්ටම් එක ඩිවලොප් කරන කොට බෙහෙත් බෙදන එක නවත්වන්න බැහැ. ඒකත් ඒ විදියටම දුවන්න ඕනේ. එතකොට අපි ට්‍රේන් කරන්න ඕනේ. අපි මිලියන 500ක් අරන් නැහැ. අපි දන්නෙත් නැහැ. ගත්ත මිනිස්සු කොහේ හරි ඇති.මම නම් දන්නේ නැහැ.අපේ ආයතනයට හම්බ වුණ ගණන් අපි ගාව ලිඛිතව චෙක් එකේ කොපිය පවා අපි ගාව තියෙනවා. මේක කාගෙවත් කාගෙවත් රෙදි ටික හෝද ගත්තේ අපේ ඇග උඩින්.”

සම්පුර්ණ වීඩියෝව පහතින්,

https://youtu.be/SUmvwac5J1U