hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මාර්තු 31, ප.ව. 7:28



ඉකුත් 30 වැනි දා කිළිනොච්චියේ ශාන්තපුරම් කලෙයිමගල් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවත්වෙමින් තිබියදී බීමත්ව ක්‍රීඩාංගණයට කඩා වැදුණු තරුණයින් පිරිසක් ක්‍රීඩාංගනයේ සිටි පිරිසකට පහර දී තුවාල සිදු කර තිබෙනවා.

එහිදී පාසල් සිසුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

එම අවස්ථාවේදී ක්‍රීඩා උළෙල නැරඹීමට පැමිණි දෙමව්පියන් විසින් මෙම තරුණයන් සිවුදෙනා අල්ලා කිලිනොච්චි පොලිසියට බාර දී ඇති අතර, එහිදී අනාවරණය වූයේ මොවුන් මීට දින කීපයකට පෙර ද, කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු වූ දාමරික ක්‍රියා තුනක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව මුදා හරින ලද පිරිසක් බවයි.