2025 අප්‍රේල් 07, ප.ව. 12:17
අති විශාල දෙස් විදෙස් ජනතාවක් මහනුවරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් දළදා වන්දනාව පැවැත්වෙන කාල වකවානුවේ දී ශක්තිමත් ආරක්ෂක ජාලයක් මහනුවර ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්රයන් වහන්සේ දෙනම බැහැදැක ඊයේ (06) ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.
දළදා වන්දනාවට අදාළ ආරක්ෂක කටයුතු මෙන්ම යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් මේ වනවිට පවත්වා තිබෙන බවත් පොලීසියට අමරතරව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්රිවිධ හමුදාව ද ආරක්ෂ කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවත් ඇමැතිවරයා ප්රකාශ කළේය.
පොලිස් නිලධාරීන් 10000 ක පමණ පිරිසක් දළදා වන්දනා සමයේ මහනුවර නගරය ආශ්රිතව සේවයේ යෙදවීමට සැළසුම් කර තිබෙන අතර මහජන ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්රධානීන් ගේ සහභාගිත්වයෙන් ඊයේ (06) පස්වරුවේ මහනුවර දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
2025 අප්‍රේල් 07, ප.ව. 6:39
2025 අප්‍රේල් 07, ප.ව. 3:45
2025 අප්‍රේල් 07, ප.ව. 2:07
2025 අප්‍රේල් 07, පෙ.ව. 11:03
2025 අප්‍රේල් 07, පෙ.ව. 10:35
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25
03-04-25
03-04-25
03-04-25
03-04-25
01-04-25
01-04-25
31-03-25
31-03-25
29-03-25
29-03-25