hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2024 නොවැම්‍බර් 27, පෙ.ව. 12:07



මේ වසරේ උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන ශ්‍රී පාද වන්දනා වාරයට ප්‍රථම නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා පිහිටි අම්බලන් පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් පවත්වන බවට මුදල් එකතු කිරිමේ ජාවාරමක් පවතින බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් අවධාරණය කරනවා.

තමන්ගෙන් හෝ අදාල රාජ්‍ය ආයතන වල නිලධාරින්ගෙන් කිසිදු අවසරයක් නොගෙන ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් පිරිසිදු කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක් කරන බව පවසා සමාජ මාධ්‍ය වල විවිධ දැන්විම් පල කර ඇති බව ද ශ්‍රී පාදස්ථානාධිපති මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් පිරිසිදු කිරිමේ වැඩසටහන් සිදු කිරිමට තමන්ගෙන් හෝ අදාල රාජ්‍ය ආයතන වෙතින් අවසර ලබාගෙන පුද්ගලික හෝ ආයතන මට්ටමින් සිදු කරන ලෙසත්, කිසිදු ලෙසකින් මුදල් එකතු කර එය සිදු නොකරන ලෙසයි ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: