hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 දෙසැම්‍බර් 11, පෙ.ව. 7:20



සති අන්ත නිවාඩුවත් සමග පවතින අයහපත් කාලගුණයද නොතකා ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් ඊයේ (10) දින පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් වුණා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන සහ බදුල්ලේ සිට කොළඔ දක්වා ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් වල එම පිරිස පැමි‍ණෙන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ පහසුකම් ගණනාවක් සලසා ඇති බවත් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රියෙන් පැමිණෙන සෑම අවස්ථාවකම හැටන් ලංගම ඩිපෝවෙන් ලංගම බස් රථ සේවාවක්ද පවත්වාගෙන යන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු වැඩි දුරටත්  කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ