hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 07, ප.ව. 6:34



උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන්ගේ ජාතික, ආගමික මෙහෙවර අගය කරමින් විශේෂ උපහාර මුද්දරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

දශක ගණනාවක් පුරා ඇමරිකාවේ වැඩ වාසය කරමින් බටහිර රටවල බුදු දහම ප්‍රචලිත කිරීමට හා භාවනා ක්‍රම පිලිබඳ උපදෙස් ලබා දෙමින් දෙස් විදෙස් කීර්තියට පත් වෙමින් සුවිශේෂී ගෞරවාචාරයට පත් වූ අති පුජ්‍ය හේනේපොල ගුණරතන නායක ස්වාමීන් වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවර අගය කිරීම උදෙසා උන්වහන්සේගේ චරිතාපදාන ග්‍රන්ථය එළි දැක්වීමද මෙහෙදී සිදු කෙරුණා.

හෝමාගම NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදි මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම සහ මහා සංඝරත්නය ඇතුළු ආරාධිත අමුත්තන් වෙත පිළිගැන්වීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කරනු ලැබුවා.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ,බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් වහන්සේ, මහාචාර්ය කුඹුරුපිටියේ වජිර නායක ස්වාමීන් වහන්සේ,කොටපිටියේ රාහුල අනු නාහිමියන්, ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්, වැලිමිටියාවේ ඥානරතන නාහිමියන්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා, හිටපු කතානායක කරු ජයසුරිය මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු ගිහි පැවිදි විද්වතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.