2023 අගෝස්‍තු 08, ප.ව. 1:34
කදාන පොලිස් වසමේ නෑදුරූපිටිය පිහිටි පිරිසිදු කාරක නිශ්පාදන ආයතනයක අද (08) උදෑසන ඇති වු ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සේවකයකු මිය ගොස්, ගින්නෙන් හට ගත් දුමාරය ආග්‍රහණය වු අවට පාසලක ශිෂ්‍යයන් 85 දෙනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය හා රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සේවකයින් 19 දෙනෙකු සේවය කරන ග්ලෝබල් කෙයා නැමති මෙම කර්මාන්ත ශාලාව ගිණි ගැනීමත් සමග ඇති වූ විශාල දුමාරය ආග්‍රහණය වු කර්මාන්ත ශාලව ආසන්නයේ පිහිටි ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් රාගම ශික්ෂණ රෝහල ට ඇතුලත් කර ඇත.
රෝහලට ඇතුළත් කල පාසල් සිසුවියන්ගේ තත්වය බරපතල නොවන බව ද රෝහල් බලධාරියකූ පවසා සිටියා.
කර්මාන්ත ශාලාවේ ගින්න හට ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා ගිණි නිවන ඒකකය, මීගමුව හා ගම්පහ මහ නගර සභාවල ගිණි නිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ගින්න පැතිරීම පාලනය කල අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලිසිය පවසයි.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව මුළුමණින්ම විනාශ වී ඇත.
2025 අගෝස්‍තු 04, ප.ව. 4:59
2025 අගෝස්‍තු 04, ප.ව. 3:52
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:01