2023 ජූලි 17, පෙ.ව. 2:07
මෙරට සිනි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2022) 2.1%කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වෙනවා.
2021 වර්ෂයේ දි මෙරට සමස්ත සිනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 80.555ක්.
එහෙත් ඉකුත් වර්ෂයේදී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 78,857ක් දක්වා පහත වැටි ඇති බව මහ බැංකු වාර්තාවේ සදහන් වෙනවා.
මෙරට සීනි නිෂ්පාදනය 2019 වසරේ සිට අඛණ්ඩව ඉහලයාමේ ප්රවනතාවයක් පෙන්නුම් කළද උක්වගාව සදහා දේශිය වශයෙන් පැවති පොහොර හිගය නිසා සීනි කර්මාන්තය මුහුණ දුන් අවහිරතා හේතුවෙන් 2022 වර්ෂයේදී සීනි නිෂ්පාදනය පහල ගොස් ඇත.
ඉකුත් වර්ෂය තුලදි සෙවනගල හා පැලවත්ත සිනි කර්මාන්තශාලාවල නිෂ්පාදනය පිළිවෙළින් 29.0%කින් හා 20.6%කින් පහළ ගොස් තිබෙනවා.
කෙසේවුවද ගල්ඔය හා ඇතිමලේ කර්මාන්තශාලාවල සීනි නිෂ්පාදනය පිළිවෙළින් 27.4%කින් හා 36.2%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වෙනවා.
මෙරට සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ දේශියව සපුරා ගන්නා අතර ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරිම මගින් සපුරා ගන්නා බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සදහන් වෙනවා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56