2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:06
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කර ඇත්තේ, නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මිද්දෙණිය ප්‍රදේශයට ගෙන එන ලද රසායනික ද්‍රව්‍යවලට සම්බන්ධ බවයි.
කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පදනම්ව, මිද්දෙණිය -ඇඹිලිපිටිය මාර්ගයේ නිවසකින් ආරක්ෂක අංශ විසින් කන්ටේනර් දෙකක් සොයා ගත් බව ද ඔහු පැවසීය.
බැකෝ සමන්ගේ උපදෙස් මත මිද්දෙණිය ප්‍රදේශයේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකුගේ එම කන්ටේනර් ඔවුන්ගේ සහෝදරියගේ නිවසේ සඟවා තිබු බව ඔහු පවසයි.
අදාළ ඉඩම ඔවුන්ට අයත් බස් සේදීමේ ප්‍රදේශයක් ලෙස භාවිතා කර ඇත. මේ සම්බන්ධයෙන් අපි විධිමත් පරීක්ෂණ පවත්වමින් සිටිමු. මේ මොහොතේ බොහෝ දේශපාලනඥයින් විදේශගත වී ඇත.
අප කලින් සඳහන් කළ දේශපාලනඥයන් දෙදෙනා රට තුළ අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලය මෙහෙයවන අයයි. ඔවුන්ගේ සුදුසුකම් තනතුරු නොසලකා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන බව ඔහු පැවසීය.
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කල්ලි සමඟ සමීපව සම්බන්ධ වූ නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ ඡායාරූප ද මෙහිදී අමාත්‍යවරයා විසින් මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:13
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:04
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25