hit counter

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 06, ප.ව. 3:55



අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්තු වී ඇති පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තොරතුරු ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

අතුරුදන් වී සිටින කාන්තාව ගැනත් තොරතුරු ඇති බවත් හෙතෙම පවසයි.

මේ ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.

“දැනට දේශබන්දු පැනලා ඉන්නවා. අර කාන්තාව අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ අයගේ තොරතුරු තියෙනවා. ඔහොම ඉන්න කියන්න. යම් සීමිත කාලයක් ඇතුලේ තියෙන තොරතුරු මත will be arrested”

නියෝජ්‍ය ඇමතිවරයා මෙම හෙලිදරවුව කරන්නේ වැඩ තහනමට ලක් වූ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතන අවස්ථාවකදීය.