hit counter

2025 ජූලි මස 06 වන ඉරිදා

2025 ජූලි 06, පෙ.ව. 12:12



මිනිස්සු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි වැඩ අපි කරල තියෙනවා යයි මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“ගෙවුණු කාලපරාසය ඇතුළේ සැලකිය යුතු සතුටක් ලබන්න පුළුවන්. නමුත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. අපට ගෙවුණු කාල පරාසයට සාපේක්ෂව මාස හයමාරක් විතර කාලය තුළ මැතිවරණ තුනකට මුහුණ දෙන්න වුණා.

ඉතින් පෙරළා රටට සේවය කිරීම වෙනුවෙන් දාගත්තු වැඩ පිළිවෙළවල් සාර්ථක කරගැනීම දිහා බැලුවම පොඩි පසුබෑමක් තියෙනවා. නමුත්. දැන් ඒ සියලු යුගයන් අමතක කරලා දැන් තමයි පීල්ලට වැටිලා වැඩ කිරීමේ අර්ථයෙන් වැඩේ පටන් අරන් තියෙන්නේ.

ඔබ විශ්වාස කරනවද මිනිස්සු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි වැඩ අපි කරල තියෙනවා කියලා. ඔබ කියන්නේ අපි මිනිස්සු රැවටුවා කියලද? නෑ. කිසිම රැවටීමක් නෑ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තිබුණා.

නමුත් ආණ්ඩුව හරි පීල්ලේ යනවා කියලා ඔබ පිළිගන්න ඕනෑ. අපරාධ මැඩ පැවැත්වීමට අදාළව වගේම දූෂිතයන්ට දඬුවම් දීම ගත්තත් අපට සතුටු වෙන්න පුළුවන්. ඔබ දන්නවා තට්ටු මාරු දේශපාලනය ඇතුළේ මේ දූෂිතයන්ට දඬුවම් දීම කියන එක කවදාවත්ම වුණේ නෑ. එක කට්ටියක් අනික් කට්ටියව රකිනවා. මේ හොරු ටික අනික් හොරු විසින් රැක්කා.

නමුත් ඔබ දන්නවා ඉතිහාසයේ පළමු වතාවට ඒ සංස්කෘතිය වෙනස් වෙලා ඇත්ත අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. දේශපාලන හිස ගලවලා පැත්තකින් තියලා ඒ චෞරයන්ට ආයතන ශුද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇතුළේ දඬුවම් දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා”