2023 ජූනි 26, පෙ.ව. 4:15
ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන සුවසැරිය පදනම වෙත ලබා දී තිබූ ගිලන් රථ 25ක් භාවිතයට නොගෙන සැපයුම්කරුගේ රථ ගාලක් තුළ නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
මෙම ගිලන් රථ සුවසැරිය පදනම මගින් සපයනු ලබන සේවාවන්වලට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමේ කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් සැපයුම්කරුගේ රථගාලක් තුළ ගාල් කර ඇති බව ද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.
මෙම ගිලන් රථ මිල දී ගෙන ඇත්තේ රෝහල් සත්කාරක ගිලන් රථයක් සඳහා අවශ්‍ය පිරිවිතර විමසීමකින් හෝ 1990 සුවසැරිය පදනමේ කිසිදු පුද්ගලයකු තාක්ෂණික ඇගයීම් කමිටුවට පත් කිරීමකින් තොරව බව ද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.
ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 වැනිදා වන විටත් මෙකී ගිලන් රථ භාවිතයට ගෙන නොතිබූ අතර මෙම ගිලන් රථ 2021 වර්ෂයේ දෙසැම්බර් මස 30 වැනිදා සුවසැරිය පදනම වෙත ලබා දී තිබුණා.
මෙම ගිලන් රථවල වටිනාකම විගණනය වෙත ඉදිරිපත් කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.
මෙම ගිලන් රථ රෝහල් සත්කාරක ගිලන් රථ ලෙස පරිවර්තනය කිරීම හා වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් නිකුත් කිරීම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු විසින් ඉල්ලීම් කිහිපයකින් පසුව සිදුකොට ඇති බව සුවසැරිය පදනමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
වැඩිදියුණු කිරීමේ කටයුතු කඩිනමින් නිමකොට මෙම ගිලන් රථ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
1990 සුවසැරිය පදනම සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කර තිබුණා.
ගාල්ල – ලලිත් චාමින්ද
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05