hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2026 ජනවාරි 07, පෙ.ව. 12:14



සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රට පුරා පොලිස් ස්ථාන 400 ක් දක්වා ආවරණය වන පරිදි 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මේ වසර අවසන් වන විට පුළුල් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළා.

ඊයේ (06) දින පාර්ලිමේන්තුවේ දීයි.

මේ වන විට රට පුරා පොලිස් ස්ථාන 272 ක් ආවරණය වන ලෙස සුවසැරිය සේවාව ක්‍රියාත්මක වන බව ද ඇමැතිවරයා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ වාචිකව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලයේ වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව 500 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බ‍වත් ඉන්දියානු රජය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව එම කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළා.

තවද සුවසැරිය සේවාව සඳහා නව සේවක බඳවා ගැනීම් කටයුතු සහ පුහුණු කිරීම් කටයුතු සිදු කරමින් ඇති බවත් කැලණිය විශ්වවිද්‍යාලට අනුබද්ධව රාගම වෛද්‍ය පීඨය තුළ පමණක් මීට අදාළ වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් පුහුණු කරමින් සිටින අතර මේ වන විට එම පුහුණු කිරීම් කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ යාපනය විශ්වවිද්‍යාල දක්වා පුළුල් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: