hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 01, පෙ.ව. 6:50



ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 1990 සුවසැරිය පදනම සදහා කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන තිබූ ගිලන්රථ 25 ගිලන්රථවල ලියාපදිංචි සහතිකයට අනුව ඒවා ආනයන රේගු බදුවලින් නිදහස්ව තිබියදී ගිලන්රථයක විකුණුම් මිල රුපියල් එක්කෝටි පනස්නමලක්ෂ පනස්දහසක් (15,950,000) විම අසාමාන්‍ය තත්වයක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම ගිලන්රථවල පැවතිය යුතු තාක්ෂණික පිරිවිතරයන් හා අනිකුත් අවශ්‍යතාවයන් පිළිබදව කිසිදු සොයා බැලිමකින් තොරව මෙම ගිලන්රථ මිලදී ගෙන තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ නිසා රෝහල් සත්කාරක සේවාවලට සුදුසු අයුරින් ගිලන් රථ වැඩි දියුණු කිරිම සදහා රුපියල් හාරකෝටි අනුදෙලක්ෂ පනස්දහසක (49,250,000) පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කොට තිබුණා.

එහෙත් එම මුදල භාණ්ඩාගාරය විසින් ලබා නොදීම හේතුවෙන් මෙම වර්ෂයේ (2022) මැයි මස 26 වැනි දින වන විටත්  ගිලන්රථ 25 අදාල වෙනස්කම් සිදු කිරිමකින් තොරව සැපයුම්කරු භාරයේ රදවා ගෙන ඇති බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

මේ නිසා ගිලන්රථ වල වගකිම් කාලය මෙම රථ භාවිතයට ගැනිමට පෙරම අවසන් වීමේ අවදානමක් පවතින බව විගණනය මගින් අවධාරණය කොට තිබෙනවා.

මිලදී ගත් මෙම ගිලන්රථ 2021 වර්ෂයේ දෙසැම්බර් මස 30 වනදින ලියාපදිංචි කර පදනම වෙත සංකේතාත්මකව  භාරදි තිබුණා.

මේ පිළිබද සුවසැරිය පදනමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ පදනමේ ඉල්ලිමකින් තොරව මෙම ගිලන්රථ ලබා දීම සිදු කොට ඇති බවයි.

පුර්ව රෝහල් සත්කාරක සේවාවලට සුදුසු ආකාරයෙන් ගිලන්රථ අවශ්‍ය පරිදි ප්‍රමිතින්ට අනුව පිළියෙළ කිරීම සදහා අමතර ප්‍රතිපාදන ලබා දෙන බව දන්වා සිටියද ප්‍රතිපාදන නොලැබුණු බවයි.

පුර්ව රෝහල් සත්කාරක සේවාවලට අනුකුලවන පරිදි ගිලන්රථ සකස් නොකර ගිලන්රථ ධාවනයට යෙදවිය නොහැකි බව හා ඒ සම්බන්දව භාණ්ඩාගාරයට හා අමාත්‍යංශට ලිපි මගින්  දන්වා ඇති බවයි.

ලලිත් චාමින්ද