hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 03, පෙ.ව. 6:09



පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින් ඉහළ දැමීමට රජය කටයුතු කළ ද ගාස්තු වැඩි වීමක් සිදු නොකරන බව ත්‍රිරෝද රථ වෘත්තීය සමිති පවසනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල පහත වැටුණු අවස්ථාවේදී ගාස්තු පහත දැමීමක් සිදු නොකිරීම ඊට හේතුව බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කළේ.

එසේම යම් පුද්ගලයෙකු හෝ සංගමයක් විසින් ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ හොත් එය සමස්ත ත්‍රිරෝද රථ පද්ධතියටම සිදු කරන ද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු කියා සිටියා.