hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූලි 24, පෙ.ව. 12:02



ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනතාව ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දී සිටියදී කිසිවෙකු රට ගොඩ ගැනීමේ වගකීම භාරනොගත් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රටේ වගකීම භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ බවයි ඔහු එහිදී කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: