hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 03, පෙ.ව. 8:48



පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙහෙණින්වහන්සේ නමකට බැන තර්‌ජනය කරන සිදුවීමකට අදාලව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. 

මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම 2025.11.02 වන දින රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇත.

2025.11.02 වන දින රාත්‍රී කාලයේදීම මෙම මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.